සිප්වරුණ නිතර අසන ගැටළු/ Support FAQ

සිප්වරුණ සයිබර් තක්සලාවට ලියාපදිංචි වීම සහ සහ අනෙකුත් උදවු
Sipwaruna Cyber School Registration and Help.


සිප්වරුණ සයිබර් තක්සලාව සමඟ එකතු වී නවීන තාක්ෂනය තුලින් ඔබේ දරුවාගේ අධ්‍යාපනය ගැනීමට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු.


  1. ආදරණීය දෙමාපියෙනි, ඔබගේ ස්මාර්ට් දුරකථනයෙන් හෝ පරිගණකයෙන් SIPWARUNA.LK යන වෙබ් ලින්ක් එක ඔස්සේ සිප්වරුණ වෙබ්සයිට් එක වෙත පිවිසෙන්න.

  2. ස්මාර්ට්ෆෝන් සඳහා දකුණුපස උඩින් ඇති තැඹිලිපාට මෙනුව දිග හරීමෙනුත්, පරිගණය සඳහා දකුණුපස උඩත් ඇති REGISTER බටන් එක කිලික් කිරීමෙනුත් පිවිසෙන්න. ඉන්පසු එහි ඇති ලියාපදිංචි වීම සඳහා ඇති ෆෝරමයේ සියලුම තොරතුරු නිවැරදිව සැපයිය යුතුය.

  3. ---------------------------------------------

    සිප්වරුණට ලියාපදිංචි වීම


    මව හෝ පියාගේ නම/ Parent's Name


  4. දරුවාගේ මව, පියා හෝ භාරකරුගේ නම යොදන්න.

  5. ඔබේ දරුවාගේ නම/ Child's Name


  6. සිප්වරුණ සයිබර් පන්තියේදී ගුරුවරයාට දර්ශණය වීම සඳහා දරුවාගේ කෙටිනම පමණක් යොදන්න.

  7. ජාතික හැඳුනුම්පත් අංකය/ NIC/ Username


  8. සිප්වරුණ සයිබර් තක්සලාවට ඇතුල්වීමේදී (login) ලෙස භාවිතාවන්නේ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය බැවින්, ඔබ සතුව ඇත්තේ ඉංග්‍රීසි අක්ෂරය සහිත හැඳුනුම්පතක් නම් (v,x), හිස්තැන් නොතියා සිම්පල් අකුර යොදන්න. ඔබට ඇත්තේ ඉංග්‍රීසි අක්ෂර රහිත නව හැඳුනුම්පතක් නම් එහි අංකය නිවැරදිව යොදන්න.

  9. රහස් පදය/ Password


  10. සිප්වරුණ සයිබර් තක්සලාවට ඇතුල්වීමේදී ප්‍රධානම සාධකය වන්නේ රහස් පදය නිසා එය නිවැරදිව, මතක තබාගත හැකිලෙස ස්ථාපනය කරගැනීම අනිවාර්ය වේ. මෙහිදී අක්ෂර, ඉලක්කම් හා සංකේත 8කට නොඅඩු 15කට නොවැඩි විය යුතු අතර, ඉංග්‍රීසි කැපිටල් අක්ෂරයක්, සිම්පල් අක්ෂරයක්, ඉලක්කමක් සහ විශේෂ සංකේතයක් (@#& වැනි) යෙදීම අනිවාර්ය බව තරයේ මතක තබාගන්න.

  11. රහස් පදය නැවතත්/ Re-Enter Password


  12. ඔබ ඉහත යෙදු රහස් පදයම නැවතත් නිවැරදි ආකාරයට ලබාදීමෙන් එය තහවුරු කරන්න.

  13. දුරකථනය/ Mobile


  14. සිප්වරුණ විසින් ඔබවෙත ලබාදෙන හදිසි දැනුම්දීම් (SMS) හා දුරකථන ඇමතුම් ලබාදෙන්නේ මෙම අංකයට බැවින්, ඔබගේ නිරන්තරයෙන් භාවිතාකරන ජංගම දුරකථන අංකය යෙදීම අනිවාර්ය බව සලකන.

  15. ඊමේල් ලිපිනය/ Email


  16. ඔබගේ නිවැරදි විද්‍යුත් තැපැල් ලිපිනය මෙහි සඳහන් කරන්න. ලියාපදිංචි වීමට ඔබ භාවිතා කරන්නේ ජංගම දුරකතනයක් නම් keyboard shortcut භාවිතා කරනවිට අතරමැද අමතර හිස්තැන් ඇතිවී ඇත්දැයි නැවතත් පරීක්ෂා කරන්න.

  17. ලඟම නගරය/ Nearest City


  18. ඔබට ආසන්නම ප්‍රධාන නගරය තෝරාගන්න.

  19. ඉහත සියලු තොරතුරු යලි නිවැරදි දැයි පරීක්ෂාකර බලා, ලියාපදිංචි වන්න/ Register බොත්තම තෝරන්න. ඉහත තොරතුරු ඔබ නිවැරදිව ලබාදී ඇත්නම්, ස්වයංක්‍රීයව ඔබ ඇතුල්වන්න/ Login ස්ථානයට යොමු කරනු ඇත. එසේ නොවුනේ නම් ඔබ ලබාදුන් තොරතුරු නැවත පරීක්ෂාකර බලන්න.


    ---------------------------------------------

    සිප්වරුණට ඇතුල්වීම/ Login


    ඇතුල්වීම/ Login


  20. ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ලියාපදිංචි වීමේදී යෙදු ආකාරයටම ඇතුලත් කරන්න.

  21. රහස් පදය / Password


  22. ඔබ ලියාපදිංචි වීමේදී යෙදු රහස් පදය ඒ ආකාරයටම යොදන්න. නිවැරදිව ඇතුලත් වුවා නම් ප්‍රධාන මෙනුවේ කොලපාට LOGIN අයිකනය වෙනස් වී ඔබේ ජාතික හඳුනුම්පත් අංකය දිස්වනු ඇත.

---------------------------------------------

සිප්වරුණ ගුරුභවතුන් තෝරන්න / Choose Teachers


  1. සිප්වරුන ප්‍රධාන මෙනුවේ teachers තෝරාගෙන ඇතුල්වන්න. ඉන්පසු ඔබේ දරුවාගේ ප්‍රියතම ගුරුභවතා තෝරාගන්න. එහිදී ඔබට ගුරුභවතා පිලිබඳ විස්තරයක් හා පවත්වන සයිබර් පන්ති සහ කාලසටහන දැකගත හැක. දරුවා ඉගෙනුම ලබන ශ්‍රේණිය අනුව එහි ඇති Add Now බොත්තම තෝරන්න. මේ ආකාරයට ඔබට ගුරු භවතුන් කීප දෙනෙකුගේ සයිබර් පන්ති තෝරාගැනීමට ඔබට හැකියාව ඇත.

  2. ---------------------------------------------

Cyber Class Fees/ සයිබර් පන්ති ගාස්තු


මාසිකව රු. 520/-

*ක්‍රෙඩිට් කාඩ්,බැංකු සහ mCash වැනි සේවා ගාස්තුද ඇතුලත්ව.

ත්‍රයි මාසිකව රු. 1500/-

අර්ධ වාර්ෂික රු. 3000/-

වාර්ෂිකව රු. 6000/-

*රු. 1500, 3000 සහ 6000 ගෙවීම් සඳහා ක්‍රෙඩිට් කාඩ්,බැංකු සහ mCash වැනි සේවා ගාස්තු අය නොවේ.

---------------------------------------------

සයිබර් පන්තිවලට මුදල් ගෙවීමට ක්‍රම කීපයක් ඇත


HOUSEHOLD.LK අන්තර්ජාල ගෙවීම් (Credit Cards)


Visa, MasterCard, Amex, eZcash, mCash, Sampath Vishwa and etc.

  1. මෙම පහසුකම ඔබට HOUSEHOLD.LK වෙබ් අඩවියෙහි සිප්වරුණ යන ලින්ක් එකෙන් පිවිසීමෙන් මාසික, ත්‍රියි මාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික සිප්වරුණ RECHARGE කාඩ්පත් මිලදීගත හැක.
  2. එහිදී HOUSEHOLD.LK වෙතින් ඔබට ලැබෙන ඇනවුම තහවුරු කිරීමේ Email පණිවුඩයට නැවත ප්‍රතිචාර (Reply) කළ යුතු අතර, එහි subject තීරයට ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ සිප්වරුණ සයිබර් පන්තියට ලියාපදිංචි කර ඇති දුරකථන අංකයත්, අන්තර්ගතයට (Massege Body) ඔබ මුදල් ගෙවූ ගුරුවරු සහ අදාල ශ්‍රේණි සඳහන් කර (type කර) එවීමෙන් අපටද ඔබේ සිප්වරුණ ගිණුම Recharge කරදීම පහසුවේ.
  3. නැතහොත් ඔබට සිප්වරුණ RECHARGE කේතයක් SMS/ Email මාර්ගයෙන් ලැබෙනු ඇත. එම අංකය සිප්වරුණ මුල් පිටුවේ RECHARGE ලෙස සඳහන් ස්තානයට ඇතුල් කිරීමෙන් ඔබටම ඔබේ ගිණුම Recharge කරගත හැක.

---------------------------------------------

COMMERCIAL BANK DEPOSIT/ BANK TRANSFER - කොමෂල් බැංකු තැන්පතු හෝ ගෙවීම්

ඔබේ සිප්වරුණ සයිබර් පන්ති ගාස්තු ගෙවිය යුතු කාර්යාලීය ගිණුම පහත සඳහන් කොමෂල් බැංකු ගිණුම වේ.

DIGITALNATION (PVT) LTD
Commercial Bank
AC - 1000292235
Delkanda

  1. බැංකු ගෙවීමේදී හෝ අන්තර්ජාලයෙන් ගෙවීමේදී, ගෙවීම් සඳහන ලෙස (Payment Reference) ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කිරීමෙන්, බැංකුව මගින් ගෙවීම තහවුරු කරගැනීමට පහසු වේ.
  2. දැන් බැංකුවෙන් ඔබට ලැබුණු කුවිතාන්සියේ පැහැදිළි ජායාරූපයක්ගෙන එය Telegram App මාර්ගයෙන් 071 892 23 23 අංකයට ලැබීමට සැලැස්වීම අනිවාර්ය වේ.
  3. එහිදී ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, සිප්වරුණ සයිබර් පන්තියට ලියාපදිංචි කර ඇති දුරකථන අංකය, ඔබ මුදල් ගෙවූ ගුරුවරු සහ අදාල ශ්‍රේණි Telegram Chat තුළ type කර එවීම අනිවාර්ය වේ.

---------------------------------------------

MOBITEL mCash පහසුකම.

  1. ඔබේ ජංගම දුරකතනයේ mCash පහසුකම ඇත්නම් 071 892 23 23 අංකයට ඉහත ගෙවීම් යොමු කරන්න. නැතිනම් එම පහසුකම සහිත Commiunication ආයතනයකින් ගෙවීම සිදුකරන්න.
  2. එහිදී ඔබට හෝ එම communication ආයතනයට ලැබෙන mCash Reference අංකය සඳහන් කර Telegram App මාර්ගයෙන් 071 892 23 23 අංකයට ලැබීමට සැලැස්වීම අනිවාර්ය වේ. එහිදී ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, සිප්වරුණ සයිබර් පන්තියට ලියාපදිංචි කර ඇති දුරකථන අංකය හා ඔබ මුදල් ගෙවූ ගුරුවරු සහ අදාල ශ්‍රේණි Telegram Chat තුළ type කර එවීම අනිවාර්ය වේ.

---------------------------------------------

ඔබගේ දුරකතනයේ Telegram App එක නොමැතිනම් එය Apple App Store/ Google Play Store වෙතින් ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ දුරකථන අංකයෙන් ලියාපදිංචි වන්න.

---------------------------------------------

සිප්වරුණ සයිබර් පන්ති හා සම්බන්ධ වීම


  • ඉහත ක්‍රියාවලිය නිසිඅකාරව සිදුකලපසු ඔබට ඔබ තෝරාගත් සිප්වරුණ පන්තිවලට ඇතුල්විය හැක. එහිදී කාලසටහන අනුව පන්ති ආරම්භයට විනාඩි 5 කාටවත් පෙර, සිප්වරුණ ප්‍රධාන මෙනුවෙන් lessons තෝරාගෙන අදාළ ගුරුවරයාගේ පන්තිය watch කරන්න. දැන් ඔබේ දරුවාට තෝරාගත් සිප්වරුණ පන්ති කාලසටහනට අනුව නිවසේ සිටම සහභාගී විය හැක.

  • ---------------------------------------------

    තාක්ෂණික අවශ්‍යතා/ Customer Care


  • වඩා හොඳ සයිබර් ක්ලාස් video දර්ශණ ඔබේ පරිගණකය/ ස්මාර්ට් දුරකථනය වෙත ලබාගැනීම සඳහා එහි Firefox හෝ Chrome බ්‍රවුසර ඒවාහි අලුත්ම සංස්කරණයට යාවත්කාලීන /Update කරගන්න. නිබන්ධන PDF බලාගැනීමට Adobe Acrobat Reader ය ස්ථාපනය/ Install කරගන්න.

  • ---------------------------------------------

    සිප්වරුණ පුවත් / Sipwaruna News


    මේ වනවිට රටෙහි පවතින දේශපාලන වාතාවරනය මත අප ඔබවෙත යොමු කරන හදිසි SMS පණිවිඩ පවා ඔබවෙත ලැබීමට පැය කීපයක් ප්‍රමාදවේ. ඒ විවිධ ප්‍රචාරන ආයතන මාර්ගයෙන් දේශපාලන දැන්වීම් යොමුකිරීම වැලැක්වීමට දුරකතන සමාගම් සියලු Bulk SMS වෙන වෙනම නිරීක්ෂණය කරන බැවිනි.
    ඉහත අපහසුතාවය වැලැක්වීමට SIPWARUNA.LK පුවත් චැනලය Telegram App එක තුල ස්ථාපනය කර ඇති අතර Apple App Store/ Google Play Store වෙතින් ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ දුරකථන අංකයෙන් ලියාපදිංචි වී සිප්වරුණ පුවත් හා සම්බන්ධවන්න.

    මෙතෙක් කල් සිප්වරුණ සමුහයත් සමග සිට සිප්වරුණ සයිබර් තක්සලාවට ඇතුළු වූ ඔබේ දරුවාගේ අධ්‍යාපන ජීවිතය සර්වර්ප්‍රකාරයෙන්ම සාර්ථක වීමට සිප්වරුණ අපෙන් උණුසුම් සුබපැතුම්!


    සිප්වරුණ Team



    සිප්වරුණ සයිබර් තක්සලාව

    වෘත්තිය ඇඳුරු මඩුල්ල හා රටේ විවිධ පැතිකඩයන් ජයගත් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ඔබේ සිඟිත්තාගේ විෂයානුබද්ධ මෙන්ම විෂය පරිබාහිර දැණුම, සාමාන්‍ය දැණුම හා සතුට පිරිනමන සිප්වරුණ සයිබර් තක්සලාව.

    සිප්වරුණ සයිබර් තක්සලාව
    ගම්පහ

    අප හා සම්බන්ධවන්න

    සිප්වරුණ ගැන ඔබේ අදහස් යෝජනා, තාක්ෂණික දෝෂ වෙනයම් ඕනෑම දෙයක් අපට දන්වන්න.