Classes List

post image

Anjula Jethendri
අංජුලා මිස්

2007වර්ෂයේ දී සාමාන්‍ය පෙළ සමත් වී 2010 වර්ශයේ උසස් පෙළ සමත් ව විද්‍යාපීඨ වරම් ලබා ගෙන ගුරු පුහුණු වීම් කාලය තුළ ඉගැන්වීම් කටයුතු අධීක්ෂණයේ දී විශිෂ්ට සම්මාන ලබා 2015 වර්ෂයේ ගුරුවරියක ලෙස සේවයට එක් වූ ඇය මේ වන විට කැලණි විශ්ව විද්‍යාලයේ සමාන්‍යවේදී උපාධිය නිම කර වැඩි දුර අධ්‍යාපන අපේක්ෂාවෙන් සිටී.

ඇය 2014 වර්ෂයේ හලා/කරුක්කුව සුගතානන්ද මහා විදුහලේ සීමාවාසී ගුරු පුහුණුවෙන් පසු 2015.05.11 දින ස්ථිර ගුරුවරියක ලෙස ගුරු සේවයට සම්බන්ධ වී 2015 සිට මේ වන විට හලාවත ආරච්චිකට්ටුව ප්‍රාථමික පාසලේ සේවය කරයි. පත්වීම් ලබා ගත වූ අවුරුදු පහ තුළ සතර වතාවක්ම පහ වසර ඉගැන්වීමට ලැබීම ද ඇය ලැබූ භාග්‍යයකි..එයින් තව තවත් අත්දැකීම් මෙන්ම දැනුම වර්ධනය කරගත් ඇය 2018 වර්ෂයේ කොට්ඨාශය තුළ හොදම ප්‍රතිඵල වාර්තා කිරීමට ද ඇගේ පාසලට හැකි විය..එහි කොටස්කරුවෙකු වීමට ලැබීම ද ඇය ලැබූ ජයග්‍රහණයකි...

නීල වයඹ සංවර්ධන පදනමේ සභාපති ලෙස කටයුතු කරමින් දුප්පත් දරුවන් සදහා පොත් පත් ලබා දෙමින් දරුවන් හට නොමිලේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ පවත්වමින් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කර ඇත.. එමෙන් ම 2019 අගෝස්තු මාසයේ ඉන්දියානු සංචාරයේ දී ඉන්දියානු පාසල් පන්ති කාමර නිරීක්ෂණය පරිසරය විෂය සම්බන්ධ විද්‍යාත්මක දෑ අධ්‍යයනයට ලැබීම,ප්‍රදර්ශනවලට සහභාගී වීම,අලුත් ගණිත ක්‍රම පිළිබද දැනුම ලැබීම ඇය ගුරු ජීවිතය ජය ගැනීමට ලැබූ අපූරු අත්දැකීම්ය..දරුවන් අතර ආදරණීය ශිෂ්‍යත්ව ගුරුවරියක ලෙස ආදරය දිනා ඇති ඇය අංජුලා ජිතේන්ද්‍රි …

Copyright © Sipwaruna 2020. All Rights Reserved.

  • සිප්වරුණ